සිරිපා කරුණාවට යන සැදැහැවතුන්ට මෙන්න සුබ ආරංචියක්...

Sri Lanka Buddhism
By Aruna Dec 08, 2024 06:39 AM GMT
Aruna

Aruna

Report

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට ප්‍රථම, දොළොස්මහේ පහන ඇතුළු උඩ මළුව පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් පසුගියදා පවත්වා තිබෙනවා.

හැටන් නොවෙනස් කළණ මිතුරු එකමුතුව සමාජයේ සමාජිකයන් සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ දරුවන් එක්ව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මත් පැන් බොන අයට මෙන්න සුබ ආරංචියක්..ප්‍රමාණය වැඩිවෙයි..මිල ගණනුත් අඩු වෙයි?..

මත් පැන් බොන අයට මෙන්න සුබ ආරංචියක්..ප්‍රමාණය වැඩිවෙයි..මිල ගණනුත් අඩු වෙයි?..


ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ අවසරය මත මෙම පවිත්‍ර කිරිමේ වැඩසටහන සිදුකර තිබෙනවා.

ශ්‍රී පාද අවාරයේ උඩ මළුව පරිශ්‍රය පැවති අයහපත් කාලගුණයත් සමග දිය සෙවල බහුල වශයෙන් බැදි තිබු බවයි එම වැඩසටහනට එක් වු සමාජිකයන් කියා සිටියේ.

ශ්‍රී පාද වාරයේ වන්දනාකරුවන් විසින් අක්‍රමවත් ආකාරයට පරිසරයට බැහැර කර තිබු අපද්‍රව්‍ය ඉවත් කිරිමට ද මෙහිදී පියවර ගෙන තිබුණා.

මෙම පවිත්‍ර කිරිමේ වැඩසටහන සඳහා හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුද එක්ව තිබු බව සඳහන්. 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (14) දිනට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

මුළු රටේම ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හමුදාව යොදවන්නැයි ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්..

මුළු රටේම ජනතාවගේ බඩගින්න වෙනුවෙන් හමුදාව යොදවන්නැයි ප්‍රබලයෙකුගෙන් ඉල්ලීමක්..


අවාරයේ පැලමඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ 12 වැනිදා පිටතට වඩමම්මවා එදින විශේෂ ආගමික වාතවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව 13 වැනිදා අළුයම රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නිය දක්වා එක් පෙරහැරක්, රත්නපුර පලාබද්දල මාර්ගයේ එක් පෙරහැරක්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සහ අනෙක් පෙරහැර බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේ වැඩම කිරිමට නියමිත බවයි ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ.

You May Like This Video


ReeCha