එන්නත ගත් පිරිස් වලට අතුරු ආබාධ...විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය.

covid vaccine corona
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Report

කොරෝනා වෛරසය පාලනය සදහා මෙරට දී එන්නත්කරණයේ යොදන එන්නත ලබාදීමෙන් පසු සාමාන්‍ය එන්නතකට වඩා අතුරු ආබාද වාර්තා වෙමින් ඇතැයි රසායන වෘත්තීයවේදී සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පර්යේෂණාත්මක විමර්ශනයක් නොකිරීම ගැන දැඩි විරෝධය පළ කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් මෙම එන්නත ලබා ගැනීමට බිය විය යුතු නැති බවත් එය සාමාන්‍ය තත්වයක් බවත් වෛරසයට ශරීරයෙන් ප්‍රතිචාර දැක්වීමේදී යම් යම් සංකූලතාවයන්ට සුළු වශයෙන් මතුවිය හැකි යයිද ඔහු සඳහන් කළේය.