කාලගුණ අනතුරු ඇඟවීමක් - 2ට පසු වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව සඳහන් වෙනවා.
උතුරු පළාතේත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර් 50කට වැඩි තද වැසි ලැබීමේ අවදානමක් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
ජනතාවට ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු වැනි තත්ත්වයන්ට සැලකිලිමත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.