නවම් පුර පසළොස්වක පොහොය අද
නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
නවම් පොහොය බෞද්ධයන්ට සුවිශේෂී වනුයේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආපසු සංස්කාරය අතහැරීම යනාදී කරුණු නිසාවෙනි.
ඒ වගේම මේ අතර වසරේ දෙවන පොහෝ දිනයවන නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ .
ශීල සමාදානය, බෝධි පූජා පැවැත්වීම, ආදී වූ බොහෝ පිංකම් වල බෞද්ධ ජනතාව යෙදෙයි.