රාජ්‍ය ඇමති වරයෙකුගේ නිවසක් ඉදිරිපිට වෙඩි තැබීමක්

Corona virus covid 19 Sadasivam
By Sithumi Jun 21, 2021 02:13 PM GMT
Sithumi

Sithumi

Report

රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම වෙඩි තැබීමෙන් වැලි ටිපර්රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. අද (21) සවස 5.10ට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර, රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මීට දින කිහිපයකට පෙර පොලිස් නිලධාරියා සහ ටිපර්රථ රියදුරු සමඟ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අතර, අද දිනයේ දී අදාළ ටිපර්රථ රියදුරු ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.

මේ වන විට මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ තබා ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම සිදුවීම වනවිට රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ සිට නොමැති අතර, වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.