"ඔය වැරදි ටික ඔය විදිහටම මටත් තිබ්බා, ඔය ටික කියන්නයි මට උවමනා වුනේ.." - ගීතයක් ගායනා කළ නවකයෙකුට ශිහාන් මිහිරංග රිදෙන්න කියයි (VIDEO)

gossip Shihan Mihiranga
By Sithumi Oct 11, 2021 12:52 PM GMT
Sithumi

Sithumi

Report

ශිහාන් මිහිරංග කියන්නේ තවමත් තරුණියන් වැඩිපුරම ආදරේ කරන ගායකයෙක්, ඔහු නිරන්තරයෙන්ම අලුත් ගීත නිර්මාණය නොකලත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩු වෙලා නැහැ. ඒ විදිහට හැමෝගෙම ආදරේ ලබන ශිහාන් හිරුස්ටාර් වේදිකාවේදී ඔහුගේ ගීතයක් ගැයූ නවකයෙකුට අපූරූ කතාවක් කියනවා. එය පහතින්.

"නිරාශා ඔයාට වඩා හොඳට ගායනා කරපු නිසා එයාව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. මමත් ඔය කාලේ ඔය විදිහම තමයි. මමත් වේදිකාවට නගින්නේ අවුරුදු 19දී. අවුරුදු 20 එලියට එන්නේ. ඔයාගේ අඩුපාඩු ටික මටත් ඒ විදිහටම තිබ්බා. සතුටු වෙන්න කරනා දෙකක් තියෙනවා . ඔයා වගේම වැරදි කරලා ඒ වැරදි හදාගෙන මම අද ඔයාට කතා කරනවා.

අනිත් එක තමයි මට එදා වේදිකාවේ ගායනා කරන්න ප්‍රවිනයින්ගේ ගීත උදව් වුනා. අද මේ වේදිකාවේ මගේ ගීතයක් උදව්වක් වෙන හැටි මගේ ඇස් පනාපිට පේනවා. ඒක මට තවත් ජයග්‍රහණයක්. ඒ කියන්නේ මට කරන්න පුළුවන් වුනු එක ඔයාටත් කවදා හරි කරන්න පුළුවන් කියන එක . මමත් ඔයා වගේම පරාජය වුනු කෙනෙක්. මතක තියා ගන්න මටත් ඔයාට වගේම ඔය වැරදි ටික ඔය විදිහටම තිබ්බා. මම මගේ ලකුණු හත පාවිච්චි කලේ නැහැ.."

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery