"සියයට සියයක් සර්ව සම්පුර්ණ මිනිස්සු නැහැ, මගේ විවාහ ජීවිතෙත් ප්‍රශ්න නැතුව නෙමෙයි.." - ෂෙරිල් ඩෙකර්(PHOTOS)

actress singer sheril ruwan hettiarachch
By Sewvandhi Sep 23, 2021 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නර්තනය නිසා මුලින්ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ෂෙරිල් ඩෙකර් පසුව රංගනයට පිවිසුණා. ඒත් තෝරා ගත් නිර්මාණ සඳහා විතරයි. නිරන්තරයෙන්ම දැකගන්න නැති නිසා කලාවෙන් ඉවත් වෙලාද කියලා දැනගන්නත් මේ දිනවල මොනවද අලුත් විස්තර කියලා දැනගන්නත් එක්ක අපි කතාබහකට ෂෙරිල්ව එකතු කරගත්තා. මේ කතාබහ ඇය ගැනයි.

කොහොමද ෂෙරිල් ජිවිතේ..?

සතුටින් ජිවත් වෙනවා. කොවිඩ් ප්‍රශ්න නිසා පරිස්සමින් ජිවත් වෙන්න වෙලා. මුලින්ම දැන් හිතන්නේ පරිස්සම ගැන තමයි. අවුරුදු එකහමාරකින් විතර නිර්මාණයකට සම්බන්ධ වුනෙත් නැහැ. මම තෝරා ගත් නිර්මාණ සඳහා විතරයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තමයි වැඩිය දකින්න නැත්තේ. හොඳ නිර්මාණයක් ලැබුනොත් මම සම්බන්ධ වෙනවා. මම කොහොමත් ක්ෂේත්‍රයට ආව දවසේ ඉදලා නිතරම පෙනී හිටියේ නැහැ. ඉදිරියටත් ඒ වගේ තමයි බදාගෙන වැඩ කරන්නේ නැහැ.

අලුත් පරපුරක් බිහි වෙලා ඉන්න නිසා ඔබට ඇරයුම් ලැබෙනවා අඩුද..? අ

ලුත් අය එනවා යනවා. ඇත්තම කිව්වොත් මට කැපිල්ල වැඩියි. ඊරිෂ්‍යා කරන අය වැඩියි. රංගනය සඳහා සුදුසුකම් දක්ෂතා තියෙන අයට වඩා දැන් චරිත දෙන්නේ ෆෙවරේෂන් තියෙන අයටනේ. ඒ නිසා වෙන්න ඇති මට ඇරයුම් අඩුවෙන් ලැබෙන්නේ. මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මම ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ වගේම වැඩ බදාගෙන කරන්නෙත් නැහැ. මම ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. නමුත් නිර්මාණ කරලා තියෙන්නේ අතලොස්සයි. ඒ තෝරා ගත්ත නිර්මාණ විතරයි. ඒ චරිත දෙක තුනම ජනතාවට සමීප වුනා.

ඔබ වගේම ඔබේ සැමියා රුවන් පෙන්න නැහැ කියලත් බොහෝ දෙනෙක් කියනවා..?

එයත් මම වගේ පුරුදු වෙලා. වැඩ භාර ගන්නේ අඩුවෙන්. නිර්මාණ කරන්නේ ඉඩහිටලා. නමුත් කරන නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල නම් එයා ඔන්ලයින් ක්ලාස් කරනවා. සංගීත විෂය උගන්වනවා. ඒකට මුල්තැන දීලා ඉන්නවා. මොකද කොරෝනා නිසා වැඩක් කරන්නත් බැහැනේ.

දෙන්නම කලාකරුවන් වීම රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ආර්ථිකයට බලපාන්නේ නැද්ද..?

මගේ ව්‍යාපාර කටයුතු හා රුවන්ගේ ක්ලාස් වැඩ එක්ක අපිට ආර්ථික ප්‍රශ්න ලොකුවට දැනෙන්නේ නැහැ. විවාහ වෙලා අවුරුදු 8ක් වෙනවා.

විවාහ ජිවිතේ බරපතලකම නම් දැන් දැනෙනවා ඇති නේද..?

අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 8ක් වෙනවා . කාලය ගෙවිලා යනවා දැනෙන්නේ නැහැ. පවුලක් විදිහට අපි දෙන්නා අතර ප්‍රශ්න නැතුව නෙමෙයි. රන්ඩු වෙන්නේ නැතුව ඉන්නේ නැහැ. සියයට සියයක් සර්ව සම්පුර්ණ මිනිස්සු නැහැ, මගේ විවාහ ජීවිතෙත් ප්‍රශ්න නැතුව නෙමෙයි. නමුත් දෙන්නා රන්ඩු වුනත් ඒ මොහොතට විතරයි. රුවන් මාත් එක්ක රන්ඩු වෙලා යාලු වෙන්න කරන්නේ කෑම ඕඩර් කරන එක තමයි. ඊට පස්සෙ දෙන්නම ආයෙත් සුපුරුදු විදිහට ජිවත් වෙනවා. ප්‍රශ්න තිබ්බත් ඉවසීමෙන් පවුල් ජිවිතේ රැකගෙන සතුටින් දෙන්නා ජිවත් වෙනවා.

ඇතැම් අය නම් කියන්නේ දෙන්නා දික්කසාද වෙලා කියලා, එහෙම කටකතා හැදෙන්න හේතුවක් තියෙනවද..?

ගොඩක් අය කරන්නේ ජිවත් වෙනවා කියලා පෙන්නන්න පෞද්ගලික ජිවිතේ හැම දෙයක්ම සමාජ මාධ්‍ය වල දානවා. මමවත් රුවන්වත් අපේ පෞද්ගලික ජිවිතේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. පෞද්ගලික කියන්නේ පෞද්ගලිකත්වයට. අපේ සතුට අපි ළඟ තිබ්බොත් ඇති. ප්‍රදර්ශනය කරන්නේ නැති නිසා අපි දික්කසාද වෙලා කියලා හිතනවා ඇති. අපිට ඒ කතා අදාළ නැහැ. මොකද අපි දෙන්නා හොඳින් ඉන්නවනේ.

පුංචි පවුල සම්පුර්ණ කරගන්න තව කාලය තියෙනවා කියලා හිතනවද..?

අපි තවම තරුණයි. දෙවියෝ අපිට දරුවෙක් දෙන දවසට දෙයි. එතකල් අපි දෙන්නත් බලාගෙන ඉන්නවා. ඒ මත්තෙම ඉන්නේ නැහැ. මම මගේ බලු සුරතලා එක්ක ඡායාරූප සමාජ මාධ්‍යවල දාද්දි සමහර අය කමෙන්ට් කරනවා දරුවෝ හදන්නේ නැත්තේ අකමැතිද කියලා. ගැහැණු අයමයි ගැහැනුන්ට ගරහන්නේ. නමුත් මම නම් ඒවායින් මානසිකව වැටෙන්නේ නැහැ. තවත් ශක්තිමත් වෙනවා මිසක්.

මම මානසිකව වැටුනා නම් මට මේ තරම් දුරක් එන්නත් බැහැ ක්ෂේත්‍රයේ නර්තනය අත හැරලාද..?

මගේ ජිවිතේ ගොඩක් දේවල් මම කරගත්තේ මම අද මෙතන ඉන්නේ මගේ නර්තන හැකියාව නිසයි. ඒ නිසා කවදාවත් මම නර්තනය නම් අතහරින්නේ නැහැ. තව ටික දවසකින් හොඳ නර්තන අංගයක් කරන්න ඉන්නේ. කවර් එකක් විදිහට.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha