ශෙහාන් ජයසූරිය දේශීය – ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වෙයි

Shehan Jayasuriya
By Thaya Jan 12, 2021 11:36 PM GMT
Report

ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට දේශීය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය බලාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

සිය පවුලේ සාමාජිකයන් සමග අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කිරීමට යාමට තීරණය කිරීම හේතුවෙනුයි ශෙහාන් ජයසූරිය මෙම තීරණය ගෙන ඇත්තේ.