ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කැබුනට් අනුමැතිය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-2-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට නීතිපතිගේ අවසරය හිමිව තිබෙනවා.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.