සැලුන් හිමියන්ට දැනුම් දීමක්..රැවුල් කැපීම තහනම්..රැවුල වැවීම අනිවාර්යය කෙරේ.
පුරුෂයන්ගේ රැවුල් මුලුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වෙත නියෝග කර තිබෙනවා.
ඒ, තලේබාන් සංවිධානය විසින්.
එය ඉස්ලාමීය නීතීයට පටහැණි බවත් මෙම නියමයන් කඩ කරන්නන් වෙතොත් දැඩි දඩුවම් පමුණුවන බවටත් ඔවුන් දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාබුල් අගනුවර ඇතැම් සැලුන් හිමියන්ද තමන්ටද එවැනි නියෝගයක් ලැබුණු බව ප්‍රකාශ කර තිබෙනවා.
කොණ්ඩය සහ රැවුල් සැකසීමේදී අමෙරිකානු ක්රමයන්ගෙන් බැහැරවෙන ලෙසටද තලේබාන් සංවිධානය විසින් සැලුන් වෙත ලබාදුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර වසර 16ක් පුරා ජර්මානු දේශපාලනයේ අසහාය නායිකාව වූ ඇන්ජෙලා මර්කල් වෙනුවට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහා ඊයේ පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට ප්‍රකාශයට පත්වෙමින් පවතිනවා.
ඒ අනුව ඇන්ජෙලා මර්කල්ගේ, ක්‍රිස්තියානි ඩිමොක්රටික් සන්ධානයේ අපේක්ෂක ආමින් ලැෂෙට් සහ මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ඕලාෆ් ෂ්කෝල්ස් අතර තියුණු තරගයක් පවතින බවයි විදෙස් වාර්තා කළේ.
දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ඇන්ජලා මර්කල්ගේ සන්ධානයට වඩා ඉදිරියට පැමිණ ඇති නමුත් අපේක්ෂකයන් දෙදෙනා අතර පවතින්නේ සුළු වෙනසක්.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කළේ, හරිත පක්ෂය ද මෙවර ජර්මානු මහ මැතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |