රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව යුද හමුදාපති කියයි

By Wasantha Apr 27, 2021 07:47 AM GMT
Wasantha

Wasantha

Report

රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව යුද හමුදාපති කියයි කොරෝනා ආසාදිතයින් සදහා ලබාදීමට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් මේ දක්වා මතුව නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේවන විට රෝහල්වල අවශ්‍ය ඔක්සිජන් නොම ඇති බවට ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු පතුරුවමින් සිටින බවත් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් යුද හමුදාපතිවරයා පෙන්වා දෙනවා.

මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් විසින් එවැන්නක් දැනුම් දී නොමැති බවද ඔහු සඳහන් කළා. කෙසේවෙතත් මේවන විට රෝහල්වල රෝගීන්ගෙන් පිරි ඉතිරි ගොස් ඇති බව ද ඒ මහතා කියා සිටියා.