හමුදාපතිගෙන් හදිසි නිවේදනයක්

By Wasantha May 03, 2021 07:22 AM GMT
Wasantha

Wasantha

Report

නිවසේ කෝවිඩ් -19 ආසාදිතයන් සිටී නම් 1906 අමතා දැනුම් දෙන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රෝහල්වලට යා නොහැකිව නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි. රෝහල් පහසුකම් නොමැතිව රෝගීන් නිවෙස්වල සිටින බව වාර්තා වීමත් සමඟ ඊට විසඳුම් ලෙස මෙම වැඩපිළිවෙළ දියත් කර තිබේ.