අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කරගන්න... හමුදාපති ජනතාවට දැනුම් දෙයි

By Wasantha Apr 28, 2021 11:27 AM GMT
Wasantha

Wasantha

Report

කොරෝනා රෝගින් බහුලව හමු වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රටේ යම් ප්‍රදේශ හුදකලා කිරීමක් සිදු කළහොත් ඊට ජනතාව සුදානමින් සිටිය යුතු බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා වෛරසය පැතිර යාමේ තත්ත්වය අවධානයට ගනිමින් ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ඊට සූදානමින් සිටින ලෙසටයි ඔහු අනතුරු අඟවා තිබෙන්නේ.

එම නිසා දින කිහිපයකට සරලන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ එක් රැස් කරගන්නා ලෙසයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රටේ ජනතාවට දැනුම් දී තිබෙනවා.

යම් අවස්ථාවක ඔබ වාසය කරන ප්‍රදේශයක් හදිසියේ කොරෝනා ආසාදිතයෙකු හමුවන්නේ නම් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදු වන බැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර තබා ගැනීම උචිත බවයි හමුදාපතිවරයා අවධාරනය කර තිබෙන්නේ.