ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය ජයටම සැමරූ හැටි (PHOTOS)
2019 රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළියට වගේම ජනප්‍රියම නිළියට හිමි සම්මානය ද ලැබෙන්නේ එකම රංගන ශිල්පිනියකට. ඇය නමින් ශලනි තාරකා.
ඒ ඇය විසින් රංගන දායකත්වය ලබා දුන් සිරස නාලිකාවේ විකාශනය වුනු ‘අපෝ’ ටෙලි නාට්‍ය සඳහා.ඇයට පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වෙ 1996 වසරේ සුමති සම්මාන උළෙලේ දී චාන්දනී සෙනවිරත්න ආදරණීය රංගන ශිල්පිනිය. අවුරුදු විසි හතරකට පස්සේ එම වාර්තාව සම කරන්නට ශලිනිට ලැබෙනවා.
ශලිනි කියන්නේ බොහොම ආදරණීය වගේම බොහෝම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිරස අවුරුදු කුමරිය ලෙස. කිරුළ ලැබුණට පස්සේ ඇයට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබෙනවා.
මේ ඔස්සේ වසර 13කට ආසන්න කාලයක් අද වෙනකොට ඇය ක්ෂේත්‍රයේ බොහෝ නිර්මාණ කටයුතුවලට දායක වෙනවා. ඒ අතරින් ඇයට මෙවැනි සම්මාන වලින්ද උත්තේජනයක් ලැබිලා තිබෙනවා.
අද කතා කරන්නේ ඇයගේ කලා ජීවිතය ගැන සම්බන්ධයෙන් නං නොවෙයි. ඒ තමයි ඇය පහුගිය දවසක ඇයගේ මවගේ උපන්දිනය සමරලා තිබෙනවා.ඒ ඇයගේ නැගණිය සමගින්.ලංකාවේ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය නිසාවෙන් චාම් ලෙස මවගේ උපන් දිනය සමරන්නට යෙදිලා තිබෙනවා.සියළුම සැරසිලි කටයුතුත් සමග උත්සවය කරල තියෙන්නෙ අක්කයි නංගියි එකතු වෙලා.
ශලිනිගේ මවත් රංගනය හා සම්බන්ධ වුණු කෙනෙක්.ඇය සුරාජි. ක්ෂේත්‍රයේ හිටපු අහිංසක වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදියට ඇයව ක්ෂේත්‍රයේ හඳුන්වලා දීලා තිබෙනවා. ඉතින් පසුගිය දවස්වල අසනීප තත්ත්වයෙන් හිටපු ශලිනි මේ වන විට රූපවාහිනියේ ටෙලි නාට්‍ය කීපයකට දායක වෙලා තිබෙනවා.ඒ අතරින් කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට බොහෝම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ.
ඒත් සමඟම චලෝ ටෙලිනාට්‍යයටත් බොහොම ඉහල ප්‍රතිචාර ලැබෙනවා කියලා ශලිනි කියනවා. ශලිනි කියන්නෙ බොහෝම බාධක කම්කටුලු මැද්දෙ තමන්ගේ දක්ෂතාවය ඔස්සෙ ඉස්සරහටම යන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. ඇය තදින් විශ්වාස කෙරෙන දෙයක් තමයි ජීවිතේ කොතෙකුත් කරදර බාධක පැමිණියත් වසන්ත කාලය ජීවිතයේ කෙදිනක හෝ පැමිණෙනවා කියන එක.
ඉතින් තවදුරටත් ඇයගේ රංගන ජීවිතය තුළ සාර්ථක ගමනක් යන්නට අපි අයට හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ඒත් සමගම ඇයගේ මව සුරාජි මහත්මියට මේ ලැබුවා වූ උපන්දිනය සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලත් ආදරෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා