යුක්රේන සංචාරකයන්ට ස්ථාන කිහිපයක් වසා දැමේ..ඇමැති විමලවීර ගෙන් ලෙඩක්.

Sri Lanka Ukraine Tourists
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Thaya

Thaya

Report

මෙරට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ට දෙහිවල සතුන්වත්ත ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ස්ථාන නැරඹීම සඳහා අවසර දිය නොහැකි බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පවසනවා.

එම කණ්ඩායමට ඒ සඳහා අවසර දෙන ලෙස තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේ.

යුක්රේන ජාතිකයන්ට සත්වෝද්‍යානය නැරඹීම සඳහා ඉල්ලීමක් කර ඇතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් නොමැතිව කිසිදු පියවරක් නොගන්නා ලෙස සත්වෝද්‍යාන පාලනාධිකාරියට දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්ෂනාගාරය, පින්නවල සෆාරි උද්‍යානය ඇතුළු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතන සංචාරකයින් සඳහා මෙතෙක් විවෘත කර නැත.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු අනෙක් ස්ථාන සංචාරකයන් සඳහා විවෘත කිරීමේ දිනයක්ද මෙතෙක් තීරණය කර නැත.