වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන කිහිපයක් හුදෙකලා කෙරේ

covid-19 corona isolated
By Thaya Dec 25, 2020 11:30 AM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ සඳහා හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එම ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.