හෙට උදෑසන සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවතට

Covid-19 Isolate
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Report

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කර තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෝදර පොලිස් බල ප්‍රදේශය, කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ පිහිටි දෙමලවත්ත මෙලෙස හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවය ඉවත් කිරීමට නියමිතය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමට සහ කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා භාවයෙන් මුදා හැරෙනු ඇති.

පෑලියගොඩ පොලිස් වසම : පාලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත ප්‍රදේශය.

කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත.