ජනාධිපති නීතිඥවරු 7ක් පත් කෙරේ

By Sewvandhi Jul 14, 2021 12:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 7 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙසට පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇති බවයි.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර තිබෙනවා.

අභිනව ජනාධිපති නීතිඥවරු ඉදිරි කාලයේ දී සිය ධුරවල දිවුරුම් දීමට නියමිතව ඇති අතර අදාළ පත්කිරීම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ හරිගුප්ත රෝහණධීර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද (14) භාර දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha