සෞඛ්‍ය අමාත්‍යවරියට ඉක්මන් සුවය පතා සෙත් පිරිත් පිංකමක්.
Religion
By Thaya
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා සහ ලක්වාසී සහ ලෝකවාසී සියළු ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම අරමුණූ කොට ගනිමින් ආශිර්වාද සෙත් පිරිත් පිංකමක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ බුදුමැදුර අසල දී පවත්වන ලදි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරු සංගමය හා ප්‍රවාහන අංශයේ සංවිධානයෙන් පැවැත්වුන මෙම ආශිර්වාද සෙත් පිරිත් පිංකමෙහි අනුශාසකත්වය දරන ලද්දේ මරදාන ශ්‍රී ලංකා මහ පිරිවෙනෙහි (ඔිඩේ පන්සල) ස්වාමින්ද්‍රයන් වහන්සේලා වන අතර,සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම සෙත් පිරිත් පිංකම පැවැත්විනි.