බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය ගැන තවත් තොරතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටිය දැරිය මියයෑම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරයි. මෙම දැරිය ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. ඇයව 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම නිවසට රැගෙනවිත් ඇති බවටද අනාවරණය වී තිබේ.
එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පසුගිය ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15) මිය ගියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
