කොරෝනා ආසාදනය වී මිය ගිය රෝගියෙකු ගැන ඇහෙන සංවේදී කතාව

By Sewvandhi May 03, 2021 10:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නව ආසාදිතයින් 1891ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,753ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් දිනයක් සටහන් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1843ක් අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 48 දෙනෙකු ද රෝගීන් ලෙස හදුනා ගැණුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 97,848ක්. මේ අතර, මරණ 09ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගියා. පවතින තත්ත්වය හමුවේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බව සඳහන්. මේ අතර සමාජ මාධ්‍ය තුළ ඉතා සංවේදී සටහනක්, හුවමාරු වෙමින් තිබෙනවා. “

මැඩම්, මට මැරෙන්න බෑ, මට හුස්ම ගන්න බෑ, මට මැරෙන්න දෙන්න එපා මැඩම්, මාව ICU එකට දාන්න, මට පුංචි බබාලා තුන්දෙනෙක් ඉන්නවා, මාව බේරගන්න,මං වැඳලා කියන්නම්…” (ඒ වන විටත් ඔහුව ICU එකට දැමීමට කටයුතු සිදුවෙමින් තිබුණි.) දින දෙකකට පෙර මට එසේ කියූ අවුරුදු 42 ක පියෙකු අද නොඑනා ගමන් ගියේය… මෙය ඔබේ කතාව වීම හෝ නොවීම ඔබගේ ක්‍රියාවන් මත රදා පවතී… පරිස්සම් වෙන්න… එපමණයි

චමාලි තිලකරත්න

මේ අතර අදාළ රෝගීයාගේ පිය ද කොරෝනා ආසාදනයව මිය ගිය බව සඳහන්

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now