උන් හිටි තැන් වලින් ඉවත් නොවන විට දරු පවුල් පිටින් අත්අඩංගුවට ගනිමින් නිවාස කඩා දමන සංවේදී දර්ශන
කන්තලේ විහාරගල විහාරය අසල පදිංචි වී සිටි පිරිසක් උසාවි නියෝගයක් අනුව එම ස්ථානයේ ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන ආකාරය සංවේදී දර්ශනයක් හරීන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය අංශයේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.
එහිදී පොලිසිය දන්වා සිටින්නේ පැයක් තුළ එම ස්ථානයෙන් ඉවත් වීමට උසාවි නියෝගයක් ඇති බවත් එසේ ඉවත් නොවුණහොත් අත්අඩංගුවට ගැනීම සිදු කරන බවත්ය.
එහෙත් ඔවුන් ඔවුන්ට වෙන යෑමට ස්ථානයක් නොමැති බවත් ඉවත්වීමට දින දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. නමුත් එම අවස්ථාවේදී පොලීසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගනිමින් ඔවුන්ගේ නිවාස ද කඩා ඉවත් කිරීමට කටයුතු කළේය.
1998 වසරේ දී එල්ටීටීඊ තර්ජන හේතුවෙන් ගම්බිම් අතහැර යන මේ පිරිස නැවත එම ස්ථානයේ පදිංචි වන්නේ 2009 වසරේ දී ය . ඉන්පසුව වසර දොළහකට අධික කාලයක් ඔවුන් පදිංචිව සිටියේ එම ස්ථානයේ. කෙසේ වෙතත් ඉකුත් පෙබරවාරි 12 වැනිදා එම ස්ථානයට පැමිණි වන සංරක්ෂණ නිලධාරීන් ඔවුන්ට කියා සිටියේ එම ස්ථානයේ රක්ෂිතයක් බවට නම් කර ඇති බැවින් වහාම ඉන් පිට වන ලෙසයි. එම අවස්ථාවේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මැදිහත්ව එම කාර්යය නැවැත් වූ අතර ඔහුවද අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරිනු ලැබුවා. එවන් පසුබිමක අද වන සංරක්ෂණ නිලධාරීන් සමඟ පොලිසිය පැමිණ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා .අනතුරුව ඔවුන්ගේ නිවාස ද කඩා ඉවත් කරන ආකාරය ම දර්ශනය සඳහන් වී තිබුණා.
එම වීඩියෝව