සීතගල උණුසුම් කළ විරෝධය (වීඩියෝ)
ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය නිසි ලෙස රාජකාරිය ඉටු නොකල බවට චෝදනා කරමින් බලංගොඩ සීතගල ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවක නිරත වුණා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසු ඔවුන් එම විරෝධතාව අවසන් කලා. බලංගොඩ සීතගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් සිය නිවස තුළදීම ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය 8වනදා රාත්‍රියේදීයි.මිය ගිය පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ එදින රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර අනතුරුව ඝාතනය සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බාප්පා කෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චෝදනා කරන ඥාතීන් ඊයේ දිනයේ සීතගල මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වුණා. ඒ තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට සිටියදී පොලීසිය ඒ පිලිබඳව කටයුතු නොකරන බවට චෝදනා කරමින්.එහිදී විරෝධතාකරුවන් විසින් මිය ගිය පුද්ගලයාගේ දේහයද එම ස්ථානයට රැගෙන එනු ලැබුවා. මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කලේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් සිටීද යන්න ප්‍රකාශ කල හැක්කේ විමර්ශණයෙන් පසුව බවයි.