බීමත් ගේට්ටු ක්‍රියාකරු සැප නින්දේ - දුම්රිය රියදුරු අනතුරක් වළක්වාගනී
දුම්රිය හරස්මාර්ගයක සිදුවීමට ගිය විශාල අනතුරක් දුම්රිය රියදුරුගේ සැලකිලිමත් බව හේතුවෙන් වළක්වාගැනීමට හැකිවීමේ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණි. දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් ඊයේ (14) රාත්‍රී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රිය අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසල දී රියදුරා විසින් හදිසියේ නතරකර තිබුණි.
දුම්රියේ නළාව කිහිපවරක් නාද කළද, ගේට්ටු ක්‍රියාකරු රේල් ගේට්ටුව වසා ගේට්ටුව වසා නොදැමු බව දුම්රිය රියදුරු පවසයි.
පසුව දුම්රියේ නියාමකවරයා දුම්රියෙන් බැස පැමිණ රේල් ගේට්ටු ක්‍රියාකරුට කථා කිරීමේන් අනතුරුව රේල් ගේට්ටුව වසා දැමීමට ඔහු ක්‍රියාකර තිබේ.
මේ පිළිබඳ අප කන්දෙගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම අවස්ථාවේ දී රේල් ගේට්ටු ක්‍රියාකරු බීමත් ව නිදා සිට ඇති බවය.