දිර්ඝ නිවාඩුවකින් පසු අද සිට පාසල් යළි ඇරඹේ..

Education
By Thaya Mar 15, 2021 08:32 PM GMT
Report

බස්නාහිර පළාතේ 5, 11 සහ 13 යන ශ්‍රේණිවල පංති වෙනුවෙන් පාසල් අද සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ සංචරන සීමා පනවා නොමැති සියලු ප්‍රදේශවල පාසල් අද විවෘත වන බවයි. මේ අතර බස්නාහිර පළාත් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ විමල් ගුණරත්න මහතා පැවසුවේ, පාසල් විවෘත කිරීමට අවශ්‍ය සියලුම උපදෙස් විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බවයි. බස්නාහිර පළාතේ පාසල්වල පළමුවෙනි ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වා, 6 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සහ 12 වන ශ්‍රේණියේ පන්ති අප්‍රේල් මස 19 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර වසරේ පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි අගෝස්තු මාසයේදීම පවත්වනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ.