විශ්වවිද්‍යාල පාසල් සහ උපකාරක පන්ති ආරම්භ වීම පිළිබඳ තීරණය

Covid 19 Education School Sri lanka
By Sithumi Jul 04, 2021 01:08 PM GMT
Report

පාසල්, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, "පාසල්, විශ්වවිද්‍යාල, පෞද්ගලික උපකාරක පන්ති විවෘත කරන දිනයක් තවම අපි ප්‍රකාශයට පත් කරලා නෑ.

විශේෂයෙන් පාසල් විවෘත කරන්න ප්‍රථම අපි ගුරුවරුන්ට එන්නත්කරණය ලබාදිය යුතුයි. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල එන්නත්කරණ කටයුතු මේ දිනවල අපි කරගෙන යනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now