තොණ්ඩුව කැමරාකර ‘මිතුරන්ට යවා’ ජීවිතයෙන් සමුගත් කවිකාර සිසුවා -

Sri lanka school child
By Sithumi May 11, 2021 11:24 AM GMT
Sithumi

Sithumi

Report

ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තාක්‍ෂණ විෂයෙන් පෙනී සිටීමට සූදානම්ව අධ්‍යාපනය ලැබූ පාසල් සිසුවකු සිය නිවසේ මුළුතැන්ගෙයි උළුවස්සේ ගැට ගැසූ කඹයක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ පහළ බෝමිරියේ පදිංචි පාසල් සිසුවකුයි. මියගිය අය මෙසේ ගෙල වැලලා ගැනීමට පෙර ගෙල වැලලාගත් තොණ්ඩුවේ ඡායාරූප සහ වීඩියෝ මිතුරු මිතුරියන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබෙනවා. එම ඡායාරූපයක් මිතුරකුගේ ජංගම දුරකථනයට ලැබීමෙන් පසු එම මිතුරා ඒ බව වහාම මියගිය අයගේ මවට දැන්වීමෙන් පසු එම අවස්ථාවේ නිවසින් බැහැරව සිටි ඇය මියගිය අයගේ ලොකු අම්මාට ඒ බව දන්වා තිබුණා.

ඇය නිවසට යනවිටත් ඔහුගේ නිසල දේහය උළුවස්සේ එල්ලෙමින් තිබූ බව පවුලේ ඥාතීහු පවසනවා. දක්‍ෂ සිසුවකු මෙන් හොඳ කවියකුද වන බව පැවසෙන ඔහු මියයන්න මොහොතකට පෙර ලියූ නිසැදැස් කවි පෙළක් මිතුරන්ගේ ජංගම දුරකථන වෙත යවා තිබුණා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now