දිවයින පුරා සියලු පාසල් අද ආරම්භ වූ හැටි මෙන්න.
Colombo
School
Sri lanka
Western province
By Aruna
දිවයින පුරා සියලු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා අද (19) විවෘත වුණි.
ඒ අනූව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව පාසල් විවෘත කෙරුණු අතර ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් සඳහා ළමුන් ගෙන්වාගැනීම තවදුරටත් කාණ්ඩ ක්‍රමය යටතේ සිදුවේ.
ඒ අනුව, උපරිම සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුය. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ.
සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් හිමි වන සේ පැවැත්විය යුතුය.
