පාසල් වසා තබන කාලය දැනුම් දෙයි

By Wasantha May 01, 2021 06:08 AM GMT
Report

ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අප්‍රේල් 30 වනදා දක්වා පාසල් වසා තබන බවයි මීට පෙර ඔහු කියා සිටියේ.

ඒ අනුව යළි පාසල් ආරම්භය සම්බන්ධයෙන් ලබන 07 වනදා රැස්වී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කළා. අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.