අධ්‍යාපන කලාපයක සියලුම පාසල් 30 දක්වා වසා දමයි.

covid corona school closed wellalawaya
By Aruna Apr 27, 2021 04:40 AM GMT
Report

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පසුගිය දා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා එකසිය හතක් අතුරින් පී.සී.ආර් පරීක්ෂණ පනස් තුනක වාර්තා ඊයේ පස්වරුවේ දී සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබෙනවා.

එම වාර්තා පනස් තුනෙන් පුද්ගලයන් හතලිස් හය දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් පස් දෙනෙකු ද මේ වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබීම නිසා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස තිස් වනදා දක්වා වසා තැබීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලදාරින් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම නිසා අද උදෑසන ප්‍රදේශයේ පාසල් අවට ජන ශුන්‍යය ස්වාභාවයක් ගත් අතර නගරයට පැමිනෙන ජනතාවගේ ද අඩුවක් දක්නට ලැබෙනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAiXMA