පාසැල්, විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ 

Sri lanka G.l peeris School closed Pre school Unibersity
By Aruna May 07, 2021 06:03 AM GMT
Aruna

Aruna

Report

 රටේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල ආරම්භ නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

රජයේ විශාල උනන්දුවක් තිබෙනවා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට කර ගෙන යාමට.

නමුත් රටේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

යලි පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල යලි ආරම්භ කිරීමේදී දින 03කට පෙර දැනුම් දෙන බවයි අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.