පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නවතම අනාවරණයක්
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lankan Schools
By Sewvandhi
පවුල් සෞඛ්‍ය කාර්යංශය නිවේදනය කරන්නේ, පාසල් දරුවන් අතර කෘෂභාවය සහ අධිබර වැඩි වී ඇති බවයි.
ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි දැනුමක් දරුවන්ට ලබාදීම සඳහා නව චක්‍රලේඛ සකස්කර ඇති බවයි, එහි මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවේ.
මෙරට ජනගහනයෙන් පාසල් දරුවන් ගේ ප්‍රතිශතය 20%කි. එම දරුවන් ගේ කෘශභාවය සහ අධිබර පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යාංශය අනාවරණ කර ඇත.
ඊට හේතුව ලෙස විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, දරුවන් ගේ ආහාර පරිභෝජන රටාවයි.
එමෙන්ම මෙහි දී පාසල් දරුවන් ගේ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කර තිබේ.
