ශිෂ්‍යත්වය සහ උසස් පෙළ කල්දැමීමේ තීරණයක්

Education
By Thaya Mar 14, 2021 06:13 PM GMT
Report

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කොරෝනා වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමේ අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම එකඟතාවට එළඹුණු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.