ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

Sri Lanka West Indies
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට අදාළ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පිල මෙම තරග සංචාරයේදී පන්දුවාර 20 යි 20 තරග 03 කට , එක්දින තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහභාගිවීමට නියමිතයි. ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත බුබුලක් තුළ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු 20 යි 20 තරගය මාර්තු මස 03 වනදා පැවැත්වෙනවා. දෙවන සහ තුන්වන 20 යි 20 තරග පිළිවෙළින් පැවැත්වෙන්නේ මාර්තු 05 සහ 07 යන දිනවලයි. එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ආරම්භ වන අතර දෙවැනි එක්දින තරගය මාර්තු 12 වැනිදාත්, තුන්වන එක්දින තරගය මාර්තු 14 වැනිදාත් පැවැත්වෙනවා.

ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 17 සහ 18 යන දිනවලදී දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 21 වැනිදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 29 වැනිදා ආරම්භ වනවා. බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 23 වැනිදා දිවයින්නෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. ඒ ක්‍රිකට් තේරීම් කමිටුව මෙතෙක් නම් කර නොතිබීම හේතුවෙන්

ReeCha