අද සිට සතොසින් ලැබෙන සහන මල්ල

Sathosa
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Report

භාණ්ඩ 12 ක් ඇතුළත් අලුත් අවුරුදු සහන මල්ලක් අද සිට සතොස අලෙවිසැල් හරහා ජනතාවට මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා. මෙම සහන මල්ල වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක වාසියක් සමගින් රුපියල් 1000කට සතොස අලෙවිසල් මගින් ලබා ගැනීමේ හැකියාව පවතියි. සහන මල්ලේ අදාළ භාණ්ඩ සහ මිල ලැයිස්තුව පහතින්.

1. සුදු සීනි 1kg – රු: 99.00 (පෙර පැවති මිල රු: 120)2. සුදු කැකුළු 1kg – රු: 93.00 (පෙර පැවති මිල රු: 105)3. රතු කැකුළු 1kg – රු: 89.00 (පෙර පැවති මිල රු: 105)4. සුදු නාඩු 1kg – රු: 96.00 (පෙර පැවති මිල රු: 110)5. රතු පරිප්පු 1kg – 165.00 (පෙර පැවති මිල රු: 187)6. පාන් පිටි 1kg – 84.00 (පෙර පැවති මිල රු: 105)7. ලුණු කැට 1kg – රු: 43 (පෙර පැවති මිල රු: 82)8. හාල් මැස්සන් 200g – රු: 115.00 (පෙර පැවති මිල රු: 286)9. LSL කෑලි මිරිස් 100g රු: 83 (පෙර පැවති මිල රු: 120)10. සෝයා මීට් 50g – රු: 35 (පෙර පැවති මිල රු: 35)11. STC තේ කොළ 100g – රු: 95.00 (පෙර පැවති මිල රු: 135)12. මුහුණු ආවරණ 1 – රු: 14.00 (පෙර පැවති මිල රු: 20) අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 27ක මිළ අඩු කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.