සරණ ගුණවර්ධනට එරෙහි දූෂණ නඩුව කල් යයි

Report

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා නඩුව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අල්ලාස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව 2026 ජනවාරි 08 වැනිදා දක්වා කල් තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

යහපාලන රජය සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ ගණනක මූල්‍ය පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිෂන් සභාව මෙම නඩුව ගොනු කර තිබේ.