ලුණු ප්‍රශ්ණෙට රජයෙන් විසඳුමක් - වහාම ටෙන්ඩර් කැදවයි..
Food Shortages
Sri Lanka Food Crisis
Latest Headlines
By Sewvandhi
හෙට (03) සිට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
අදියර 2ක් යටතේ එලෙස ලුණු ආනයනය කිරීමට පියවර ගන්නා අතර පළමු අදියර යටතේ මෙට්‍රික්ටොන් 20,000ක් සහ දෙවන අදියර යටතේ මෙට්‍රික්ටොන් 10,000ක් ආනයනය කෙරෙනු ඇත.
ඒ අනුව පළමු අදියර යටතේ ලුණු මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා හෙට දිනයේ මෙලෙස ටෙන්ඩර් විවාත කිරීමට නියමිතය.කර්මාන්ත අමාත්‍යාංශය යටතේ, මෙලෙස ආනයනය කෙරෙන ලුණු බෙදාහැරීමට කටයුතු යොදා තිබේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ මෙලෙස ආනයනය කෙරෙන ලුණු කර්මාන්තවල අවශ්‍යතාවය සඳහා පමණක් භාවිත කරන බවත් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජනය සඳහා ලබානොදෙන බවත්ය.
……………………………………………………………………
You may like this video 👇