ආයෙමත් පෝලිම් යුගයක්ද.. රට තුළ පවතින ලුණු සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවයි, ඔහු පැවසුවේ.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස අද (28) වැඩ භාරගතත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඇයි එහෙම දෙයක් කළේ..? එල්ටීටීය සමග ගහපු ගිවිසුමක් ගැන හිටපු ජනපති හදිසියේම හෙළිකරයි..

ඇයි එහෙම දෙයක් කළේ..? එල්ටීටීය සමග ගහපු ගිවිසුමක් ගැන හිටපු ජනපති හදිසියේම හෙළිකරයි..

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාසයක කාලයක් තුළ සාමාන්‍ය නිවසකට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට් 2ක් සහ කැට ලුණු කිලෝ 1ක් ප්‍රමාණවත් වන බවය.

එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත්ය.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවද ඔහු පැවසීය.

තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇතැයිද ඔහු පවසයි.

ටින්මාලු කාලත් ඉවරයිද...අද සිට බලපැවැත්වෙන පරිදි ටින්මාළු සම්බන්ධයෙන් අති විශේෂෂ ගැසට්ටුවක්...

ටින්මාලු කාලත් ඉවරයිද...අද සිට බලපැවැත්වෙන පරිදි ටින්මාළු සම්බන්ධයෙන් අති විශේෂෂ ගැසට්ටුවක්...

මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇතැයි ද පැවසු සභාපතිවරයා මීට හේතුවී ඇත්තේ 2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගත් හේතුවෙන් බවද පැවසීය.

කෙසේ නමුත් එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

……………………………………………………………………………………………

You may like this video 👇