සජිත් ප්‍රේමදාසගේ තවත් ආශ්‍රිතයින් හඳුනාගැනේ (VIDEO)
covid19
infections
quarantine
sajith premadhasa
ashok abeysinghe
By Sewvandhi
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 ත්, 15 ත් අතර සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ට ස්වයං නිරෝධායනය වී කොරෝනා පරීක්ෂණයක් සිදුකරගන්නා ලෙස දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
එසේම, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුද විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයින් වීම හේතුවෙන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මේ අතර විපක්ෂ නායකවරයාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |