සජිත්ට හා බිරිදට කොරෝනා.. සජිත් කොරෝනා එන්නත අරන් නෑ.. වැඩි පිරිසක් නිරෝධායනයට..

Sajith premadasa covid 19 sajith premadasa jalani premadasa
By Sithumi May 23, 2021 10:18 AM GMT
Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වී තිබේ

ඒ මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන් සහ තම බිරිඳට සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වූ බවයි. විපක්ෂ නායකවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් කොරෝනා එන්නත ලබා නොගත් බවයි.

මේ අතර විපක්ෂ නායක වරයා සමග සමීපව කටයුතු කරන ලද සමගි ජන බලවේග පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු තවත් මන්ත‍්‍රීන් පිරිසක් ස්වයං නිරෝධායනය ලක්වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now