ඉන්දියාවම සතුටු කරමින් තමිල්නාඩු නව මහ ඇමති වුන විජේට සජිත්ගෙන් සුබ පැතුම්
තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර ඇත.
X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමිල්නාඩුව වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කරන බවයි.
කෝපය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ මිනිසුන් සැබෑ ලෙසම අපේක්ෂා කරන අනාගතයක් නිර්මාණය කරන බවත් ඉතිහාසය විසින් පෙන්වා දී ඇති බවද එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
ලෝකය තුළ මේ වනවිට විශාල වශයෙන් බෙදීම් පවතින බවත් භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත්, කලාපය පුරා සිටින මිනිසුන් සැබවින්ම අපේක්ෂා කරන්නේ සමාජ ප්රගමනය, සාධාරණත්වය සහ ස්ථාවරත්වය වන බවද එම සටහනෙහි ඇතුළත් වේ.
තවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම නව පරිච්ඡේදය, ප්‍රගතිය සහකම්පනය මෙන්ම අන් අය දුරස්ථභාවය ඇති කළ තැන්වල අවබෝධය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රඥාව රැගෙන එනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි
Congratulations to CM Vijay @actorvijay on beginning a new chapter for Tamil Nadu.
— Sajith Premadasa (@sajithpremadasa) May 10, 2026
You spoke of a new era rooted in social justice and secularism. History has shown us that societies built only on anger and old wounds eventually stand alone, while those built on fairness, and…