සහරාන්ගේ ලඟම ඥාති පිරිසක් අත්අඩංගුවට.

Srilanka Police Muslim Saharan Pasku case
By Aruna Apr 23, 2021 02:10 AM GMT
Aruna

Aruna

Report

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ඊයේ (22) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40, 52ක් හා 55ක් වන බව ද වාර්තා වේ. සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ඊයේ දිනයේ දී වව්නියාව ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 42 ක පුද්ගලයෙක් බවට වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු මියගිය එල්.ටී.ටී.ඊ සමාජිකයින්ගේ නමින් හැඳුනුම්පත් හා ව්‍යාජ ගමන් බලපත්‍ර සකසා පුද්ගලයින් විදේශ ගත කළ බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරු රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරයි.