රසල් ආර්නල්ඞ් යළි කි‍්‍රකට් පිටියට

Cricket Russel Arnold
By Thaya Feb 14, 2021 04:43 PM GMT
Thaya

Thaya

Report

ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඞ් යළි ක‍්‍රිකට් පිටියේ ක‍්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව පේ‍්‍රක්ෂකයින්ට උදා වී තිබෙනවා. ඒ, මාර්ග ආරක්ෂාව ප‍්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන රෝඞ් සේෆ්ටි වර්ල්ඞ් සීරියස් තරගාවලියේදීයි.

මෙම තරගාවලියේ පළමු අදියර ඉකුත් වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරුණා. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන්. ඒ අනුව මෙම තරගාවලියේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ. තරගාවලියේ සියලූ තරග ඉන්දියාවේ රායිපූර්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ප‍්‍රවීණ කී‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වනවා. සචීන් ටෙන්ඩුල්කාර්, මුත්තයියා මුරලිදරන්, බ‍්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාග්, චමින්ද වාස්, රොම්ෂ් කලූවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි කි‍්‍රඩකයින් මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

ReeCha