රුපියලේ වටිනාකම තවදුරටත් පහළට. ඩොලරයේ විකුණුම් මිල ඉහලට

Rupees
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් සටහන් විය.

දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ, ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි.