ගන්දරින් මුහුදු ගිය දිනුක පුතා ළඟ කෝටී 200ක අයිස්
දික්ඕවිට ධීවර වරායෙන් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200ක් පමණ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරයි.
ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 9 වනදා ධීවරයින් 5 දෙනෙකු සමඟ මුහුදු ගිය එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ අතර, ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන ඇත.
අද උදෑසන 6ට පමණ එම යාත්‍රාවෙන් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබේ.