රාජකීය විදුහල්පති වහාම මාරු කරයි.. අස්වීමේ ලියුමක් ඉල්ලා බල කරලා.. පසුපස පොහොට්ටු ලේකම් යයි චෝදනා..
Royal
By Thaya
කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාව සිටි බී.ඒ. අබයරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. ඒ අනුව ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ට මාරු කර යවා ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කර තිබේ. අබයරත්න මහතා මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා තිබුණේ තමන් විදුහල්පති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් රාජකීය විදුහල්පතිවරයාට ඉල්ලා අස්වැන්නයි දැඩි බලපෑම් කර බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කරන ලදී. උන් වහන්සේ කියා සිටියේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා දෙන්නැයි අබේරත්න මහතාට දැඩි ලෙස බලපෑම් කර තිබූ බවයි.