මේ පාරේ හදිසි ගිලා බැසීමක් - එන්න එන්නම තත්ත්වය බරපතළයි

Report

ලියන්ගහවල බැද්දෙඅරාව මාර්ගයේ කොටසක අද දින (04) උදෑසන සිට ගිලා බැසීමක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මෙම ස්ථානය රාවණා ඇල්ලේ ඉහළ පෝෂක ප්‍රදේශය බවද වාර්තා වේ. එසේම මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇති බව ද සඳහන්.

මේ අතර එම ස්ථානය ඔස්සේ වාහන ගමනාගමනයටද නොහැකි තත්ත්වයක් මතු වී ඇති අතර පවතින ගිලා බැසීම එන්න එන්නම පුළුල් වන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙයි.

ඊට අමතරව බදුල්ල අළුගොල්ල කඳුමුදුනේ ගල්වල ප්‍රදේශය අවට තැනින් තැන භූමියේ විශාල ලෙස ඉරි තැලීම් වාර්තාවන බවත් එම ස්ථානය ද භූමි පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

සක්‍රීය නායයාමක් ගැන අනතුරු අඟවයි - වහාම ජනතාව ඉවතට

සක්‍රීය නායයාමක් ගැන අනතුරු අඟවයි - වහාම ජනතාව ඉවතට

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

ජල මට්ටම ඉහළට - මේ අයට අනතුරු ඇඟවීමක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්