වහාම ක්‍රියාත්මක වන පරිදි රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනේ.

Rizad badiudeen Riyad badiudeen Police arrested
By Aruna Apr 24, 2021 12:26 AM GMT
Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් ද අත්අඩංගුවට ගත් බවයි.

අද අළුයම 1.30 සිට රහස් පොලිසිය මගේ නිවසින් පිටත සිටගෙන සිටින්නේ කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමිනි.

ඔවුන් දැනටමත් මගේ සහෝදරයාව අත්අඩංගුවට ගත්තා. මම පාර්ලිමේන්තුවේ සිට ඇති අතර මේ දක්වා සියලු නීත්‍යානුකූල බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත්තෙමි.

මෙය අසාධාරණයි. . ” පා.ම ආරංචි මාර්ග වලට අනුව පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.