ආදිවාසීන් අතරත් කොවිඩ් පැතිරීමේ අවදානමක්.

Covid-19
By Thaya Feb 04, 2021 07:45 PM GMT
Report

සිය ප්‍රජාව සම්බන්ධයෙන් ද බලධාරීන් අවධානය යොමු කළයුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. ආදිවාසි නායකයා පෙන්වා දෙන්නේ මහියංගනය ප්‍රදේශයටත් කොවිඩ් ව්‍යාප්ත වී ඇති පසුබිමක බලධාරීන්ගේ නිසි අවධානය යොමු වියයුතු බවයි.

"අද දවස් පොජ්ජ මන්දුවෙනකොට මේ ගම් පොජ්ජවල්වලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. සීයමකට කිට්ටු තැනින් මේ වෙලා පොජ්ජ මන්දුවෙනකොට කොරෝනා මන්දු වෙච්ච කණ්ඩායම් හිඳිනවා. කොළොම්පූර් ගම්පොජ්ජට වැඩිතැනින් මේ තැන විනාශ තැන මන්දුවේගෙන මංගච්චයි තව සති පොජ්ජක් මංගච්චනකොට," යනුවෙන් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති.

ඊයේ (02) දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙකු හඳුනාගෙන තිබුණු අතර මහියංගනයෙන් ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වී තිබුණි.