ගැබිණි කාන්තාවන්ට කොවිඩ් වලින් ඇති අවදානම(VIDEO)

pregnant lady casal hospital sanath lanarol prasadh kolabage breathing problem
By Sewvandhi May 06, 2021 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගැබිණි කාන්තාවන්ට පළමු සති 28න් පසු කොවිඩ් ආසාදනයවීම යම් බරපතළ තත්ත්වයක් බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරොල් මහතා පවසයි.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම සම්බන්ධයෙන් අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සනත් ලැනරොල් මහතා ඒ බව පැවසීය.

"පළවෙනි සති 28 දී මේ රෝගය හැදෙන කාන්තාවන්ගෙන් 80%ක විතර කිසිම රෝග ලක්ෂණයක් නෑ. PCR කරොත් පමණයි හොයා ගන්න පුළුවන්. මේ කාලයේදී දරුවන්ට වන සංකූලතා අඩුයි. සති 28න් පසුව මව්වරු කොවිඩ් ආසාදිත වුණොත් ටිකක් බරපතළ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ අනුව දෙවන සති 28දී සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. එම ගර්භණී මව්වරුන් සැක සහිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි."

මේ අතර කොවිඩ් ආසාදිතයින් රෝහල්වලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය යළි සලකා බැලිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් බොහෝ පිරිසක් මේ වනවිටත් නිවාසවල රැඳී සිටින බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මෙම අදහස් පළ කළේය.

"අලුත් වෛරස් ප්‍රභේදය නිසා බොහෝ රෝගීන් ශ්වසන ආබාධවලින් පෙළෙනවා. රෝගීන් වැඩිවීමත් සමග සෞඛ්‍ය අංශයේ මේ වනවිට යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now